2021 ජුනි 12 වන සෙනසුරාදා

ගිලුණ නැවේ කුණුකන්ද ටොන් 650යි

 2021 ජුනි 12 වන සෙනසුරාදා, පෙ.ව. 08:00 25

I කුසුම්සිරි විජයවර්ධන

පසුගිය මැයි 20දා කොළඹ වරායට ආසන්න මුහුදේදී ගිනි ගැනීමට ලක්වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් පිටවූ හානිකර අපද්‍රව්‍ය මෙට්‍රික්ටොන් 650ක් පමණ මේ වනවිට එකතු කර තිබේ.

එවා දැනට කන්ටේනර් 41ක බහා ජනතාවට ළඟාවිය නොහැකි සේ ආරක්ෂිතව ගබඩාකර ඇති බව මධ්‍යම පරිසර අධිකාරියේ රසායනික හා උපද්‍රවකාරී අපද්‍රව්‍ය කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ අජිත් වීරසුන්දර දේශයට පැවසීය. මෙසේ ගබඩා කර ඇති අපද්‍රව්‍ය මධ්‍යම පරිසර අධිකාරියේ වායු තත්ත්ව කළමනාකරණ හා පසුවිපරම් ඒකකයේ නිලධාරීන් නිරන්තර පරික්ෂාවට ලක්කරන බවද ඔහු කීවේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළේ මෙම අපද්‍රව්‍ය තවදුරටත් එකතුවෙමින් පවතින බැවින් ඒවා ඉවත් කිරීමට ගිය පිරිවැය හෝ ගොඩබිමට වූ පරිසර හානිය ගැන ඉදිරියේදී ඇස්තමේන්තුවක් සකස් කිරීමට නියමිත බවය.
ඒ අතර වෙරළට ආසන්නව පිහිටි උස්වැටකෙයියාව ප්‍රදේශයේ ළිංවල ජල සාම්පල පරික්ෂාවද වායු තත්ත්ව පරික්ෂාවද සිදුකෙරේ. දැනට ලබාගත් එම නියැඳි පිළිබඳ විශ්ලේෂණය කරන බවත් අජිත් වීරසුන්දර සඳහන් කළේය.

රසායනික හා හානිකර අපද්‍රව්‍ය විනාශ කළ යුතු ආකාරය ගැනද ඉදිරියේදී තීරණය කරන බව ඔහු වැඩිදුරටත් කීවේය. 

 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 දෙසැම්බර් 14 වන සෙනසුරාදා, ප.ව. 02:01
 2024 දෙසැම්බර් 21 වන සෙනසුරාදා, ප.ව. 02:00