2021 ජුලි 24 වන සෙනසුරාදා

ඉන්දියාවෙන් එන්නත් කටු ලක්ෂ 32ක්

 2021 ජුලි 24 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 43

I සංජීවිකා සමරතුංග

කොරෝනා රෝගීන් එන්නත්කරණය සඳහා අවශ්‍ය එන්නත් කටු ලක්ෂ 32ක් මෙම මස තුළ ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට ඉන්දීය රජය තීරණය කර ඇත. එයින් එන්නත් කටු ලක්ෂ 10ක් අද (ඉරිදා) ශ්‍රී ලංකාවට බාරදිමට නියමිත බව තානාපති අංශ ආරංචි මාර්ග කියයි.

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ ඉල්ලීම පරිදි නවදිල්ලියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම පරිත්‍යාගය සම්බන්ධීකරණය කළේය.