2021 ජුලි 31 වන සෙනසුරාදා

කොතලාවල පනත අත්හිටුවන්න: සරසවි ඇඳුරෝ කියති

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

I සංජීවිකා සමරතුංග

කොතලාවල සරසවි පනතට එරෙහිව එල්ලවන දැවැන්ත ජනතා විරෝධය හමුවේ එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම අත්හිටුවිය යුතු බව විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යාම බන්නැහැක මහතා ප්‍රකාශ කළේය.

අධ්‍යාපනය මුදලට යට කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජය කරමින් ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනය හමුදාකරණයට ලක්කිරීමට ආණ්ඩුව දරන උත්සාහය පරාජය කිරීමට ආචාර්යවරුන්ගේ සංගමය ඇතුළු ජනතා හිතවාදී වෘත්තීය සංගම්, ශිෂ්‍ය ව්‍යාපාර, සිවිල් සංවිධාන ඒකරාශි වෙමින් සිටින බවද මහාචාර්ය බන්නැහැක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
කොතලාවල සරසවි පනත දේශපාලන පක්ෂයක හෝ සංවිධානයක ගැටලුවක් නොවන බවත් එය රටවැසි සෑම පුරවැසියකුටම බලපාන ප්‍රශ්නයක් බවත් හෙතෙම පැවසීය.

නිදහස් අධ්‍යාපනයේ අයිතිය රටවැසි සෑම කෙනකුටම එක සේ හිමිවන බැවින් එය සුරක්ෂිත කර ගැනීම සඳහා වාදභේදවලින් තොරව එක්විය යුතු බවද මහාචාර්යවරයා අවධාරණය කළේය.