2021 ජුලි 31 වන සෙනසුරාදා

රැඳවුම් කඳවුරේ ගේට්ටු හොරුන්ට ඇරේ!

 2021 ජුලි 31 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 51

I සමන්ත ප්‍රදීප් විල්තෙර

ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ මිරිහාන රැඳවුම් කඳවුරට නිසි ආරක්ෂාවක් නොමැතිකමින් එහි රඳවා සිටින නයිජීරියානු ජාතිකයන් කඳවුරැ බිමෙන් පලා ගොස් මූල්‍ය වංචා සිදුකොට නැවත රහසේ පැමිණෙන බව පොලිස් ආරංචි මාර්ග කියයි.

අන්තර්ජාලය හරහා ජනතාව මුලාකර ඒ අයගේ ලක්ෂ ගණනක මුදල් වෙනත් පුද්ගලයන්ගේ බැංකු ගිණුම්වලට බැර කර ඔවුන්ට කොමිස් මුදල් ගෙවා පලා ගොස් සිටියදී සිදු කළ විමර්ශනයකදී මේ බව අනාවරණය වී තිබේ.

වීසා රහිතව රැඳී සිටින විදේශිකයන් හා සරණාගතයන් රඳවා සිටින මිරිහාන කඳවුර මිරිහාන මූලස්ථාන පොලීසියට අයත් ඉඩමක පවත්වාගෙන යයි. කටුකම්බි වැට, තාප්ප ගේට්ටු හා ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ආරක්ෂාව මැද රැඳවියන් පිටතට යාම හා නැවත ඇතුළට යාම නිසා එහි ආරක්ෂාව පිළිබඳ බරපතළ අර්බුදයක් හටගෙන ඇතැයි දේශයට වාර්තා වේ.