I සංජීවිකා සමරතුංග
වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට ලබාදුන් හිටපු වෙළෙඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පරිහරණය කළ කොළඹ 7 නිල නිවෙස අමාත්‍ය ගුණවර්ධන විසින් ප්‍රතික්ෂේප කර ඇත.
මෙම නිවෙස තුළ හිටපු අමාත්‍යවරයාගේ කාලයේ ළමා අපචාර සිදුවූ බවට චෝදනා නගමින් රහස් පොලීසිය දැනටමත් එහි කාමර කිහිපයක් සීල් තබා තිබේ.
වත්මන් රජය පත්වූ දා සිටම වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාට මෙම නිල නිවෙස ලබා දී තිබුණත් ඔහුට කොළඹ අවට නිවෙසක් ඇති නිසා එහි කොටසක් කොරෝනාවෙන් විපතට පත් ජනතාව වෙනුවෙන් සහන ආහාර පාර්සල් සැකසීමේ මධ්‍යස්ථානයක් ලෙස ටික දිනක් භාවිත කෙරිණි.
කෙසේ වෙතත් ළමා අපචාර සිදුවූ බවට සැක කරන මෙම නිල නිවෙස ප්‍රතික්ෂේප කර ඒ බව අදාළ බලධාරීන්ට දැනුම් දීමටද අමාත්‍ය ගුණවර්ධන මේ වන විටත් පියවර ගෙන ඇත.