2021 අගෝස්තු 07 වන සෙනසුරාදා

නිව්ස් බකට්

 2021 අගෝස්තු 07 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 302

ඇමැති මාරුවක්?

සංජීවිකා සමරතුංග I

දේශය මුලින් වාර්තා කළ පරිදි ඉදිරි සතියේ අමාත්‍ය මණ්ඩලයේ කිසියම් වෙනසක් සිදුවිය හැකි බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.මුලින් වාර්තා කළ පරිදි අමාත්‍යාංශ 4ක පමණ ඇමැතිවරැන් මෙම සංශෝධනයේදී වෙනස කෙරෙනු ඇති බව වැඩිදුරටත් සඳහන් වේ. එම විෂයන් අතර අධ්‍යාපන, විදේශ හා සංචාරක විෂයන්ද වන බව කියවෙයි.

ආණ්ඩුකාර වෙනසක් අද හෙටම!

පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනකුගේ පමණ තනතුරු වෙනස් වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. පසුගිය වසර 1 ½ක පමණ කාලය තුළ මෙම ආණ්ඩුකාරවරුන්ගේ කාර්යසාධනය සැලකිල්ලට ගෙන මෙම මාරුව සිදු කෙරේ. ඉවත් කෙරෙන ආණ්ඩුකාරවරුන් වෙනුවට පත්කෙරෙන නව ආණ්ඩුකාරවරුන් කවුද යන්න මෙතෙක් අනාවරණය වී නැත.

සිල්ලර බඩු මිල හිටු කියා ඉහළට

සුපිරි වෙළෙඳසල්වල බිස්කට්, දත්බෙහෙත්, සබන් ඇතුළු සිල්ලර බඩු මිල ගණන් පාලනයකින් තොරව මාසිකව ඉහළ යන බව දේශය විසින් සිදු කළ වෙළෙඳපොළ නිරීක්ෂණයකදී තහවුරු විය. මෙම බොහෝ ද්‍රව්‍ය නිවෙස්වලට අත්‍යවශ්‍යම භාණ්ඩ වන අතර ඒවායේ මිල ගණන් මෙලෙස ඉහළ යාම දරාගැනීමට අපහසු බව පාරිභෝගික ජනතාව පවසති.

එන්නත් බිල කෝටි 2400යි

මෙරට එන්නත්කරණය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 110ක් හෙවත් රැපියල් කෝටි 2400ක් මේ වන විට වැය කර ඇතැයි මුදල් අමාත්‍යාංශය පවසයි. මෙයට අමතරව තවත් රුපියල් කෝටි 100ක් පමණ එන්නත්කරණ කටයුතු සංවිධානය සඳහා රජය වැය කර තිබේ.