2021 අගෝස්තු 14 වන සෙනසුරාදා

කැබිනට් මාරුව හදිසියේම කල් යයි

 2021 අගෝස්තු 14 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 42

I සංජීවිකා සමරතුංග

පසුගිය සඳුදා සිදුකිරීමට නියමිතව තිබූ අමාත්‍ය මණ්ඩල සංශෝධනය දේශපාලන හේතු ගණනාවක් සහ පවත්නා අයහපත් සෞඛ්‍ය වාතාවරණය යටතේ හදිසියේම කල් දමනු ලැබීය.

අප වෙත වාර්තා වෙන ආකාරයට මෙම අමාත්‍ය මණ්ඩල සංශෝධනය සිදු කෙරෙනු ඇත්තේ ලබන මස ජනාධිපතිවරයා එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇමතීමට අමෙරිකාව බලා පිටත්ව ගොස් නැවත පැමිණීමෙන් පසුවය.

රජයේ ආරංචි මාර්ග සඳහන් කරන පරිදි සෞඛ්‍ය ඇතුළු ප්‍රධාන විෂයන් 7ක අමාත්‍යවරු මාරු කෙරෙති. අධ්‍යාපන අමාත්‍යංශය දෙකට කඩා අධ්‍යාපන හා උසස් අධ්‍යාපන විෂයන් දෙකක් බවට පත් කිරීමට නියමිතය. මෙම සංශෝධනයේදී නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා බාරව සිටින එක් විෂයක සුළු සංශෝධනයක් සිදුවනු ඇතැයිද සඳහන්ය. එසේම නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කිරීමට තෝරාගෙන තිබෙන ඩලස් අලහප්පෙරුම මහතා සිය නව පත්වීම් ගැන අසතුට පළ කර ඇතැයි කියැවේ. ඒ අතර ආණ්ඩුවේ ප්‍රබල වගකීම් දරන පොහොට්ටුවේ ප්‍රධානීන් කිහිප දෙනෙක් කඩිනම් අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් අවශ්‍ය නොවන බව ජනාධිපති කාර්යාලයට දන්වා ඇතැයිද වාර්තා වෙයි.