2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

බැංකු තැන්පත් හා ණය පොලිය ඉහළට

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 636

සංජීවිකා සමරතුංග I

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ නැංවීමත් සමඟ බැංකු තැන්පතු පොලිය 1%කින් පමණ ඉහළ යනු ඇතැයි වාණිජ බැංකු ආරංචි මාර්ග කියයි. එසේම පිළිගත් මූල්‍ය (ෆිනෑන්ස්) සමාගම්වලින් ගෙවන පොලී අනුපාතයන් 1% - 2% අතර ගණනකින් ඉහළ යන බව නම් සඳහන් නොකරන ලද මූල්‍ය සමාගම් ප්‍රධානියෙක් දේශයට කීය.

ස්ථාවර තැන්පතු පොලී අනුපාතය ඉහළ යෑමත් සමඟ ණය පොලී අනුපාතයද 9% ඉක්මවනු ඇතැයි දේශයට වාර්තා වේ. මීට පෙර පැවතියේ රටේ උද්ධමන අනුපාතයටද වඩා පහළ පොලී අනුපාතයකි. එය විකෘති තත්ත්වයක් බවට ආර්ථික විශේෂඥයන්ගෙන් චෝදනාද එල්ල වී තිබුණි.