2021 අගෝස්තු 21 වන සෙනසුරාදා

සති කිහිපයකට රට වැසිය යුතුයි - සජබ පා.ම. තිස්ස අත්තනායක

 2021 අගෝස්තු 21 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 26

I දේශපාලන වාර්තාකරු

රටේ ආර්ථිකයට පෙර ජනතාවගේ ජීවිත බේරාගත යුතු බැවින් සති කිහිපයකට රට ලොක්ඩවුන් කිරීම අත්‍යවශ්‍ය බවත් ව්‍යාපාරික ප්‍රජාව ස්වේච්ඡාවෙන් නගර වසාදැමීම හොඳවුවත් පැතිර යන කොවිඩ් වසංගතය පාලනයට රජය වහාම එම තීන්දුව ගතයුතු බවත් සමගි ජනබලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා දේශයට ප්‍රකාශ කළේය.

“දැන් රට පත්ව ඇත්තේ ඉතාමත් තීරණාත්මක අවස්ථාවකටය. පිළිගත් සංඛ්‍යාලේඛන අනුව විනාඩි 10කට එක් රෝගියෙක් මරණයට පත්වන බව වාර්තා වී ඇත. එම නිසා අප මෙකී බැරෑරුම් තත්ත්වය අවබෝධ කරගෙන කඩිනමින් අවශ්‍ය තීරණ ගන්නා ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින වගද” ඔහු පැවසීය.

කොරෝනාව දේශපාලන ප්‍රශ්නයක් බවට පත්කර ගතයුතු නැතැයිද අප මෙහිදී කළ යුත්තේ මෙම විෂය ගැන දන්නා විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් අනුව ක්‍රියා කිරීම යැයිද පැවසූ ඔහු එබැවින් වෛද්‍ය උපදෙස්වලට මුල්තැන දී ක්‍රියා කිරීම ආණ්ඩුවේ වගකීම බවද සඳහන් කළේය.