I දේශපාලන වාර්තාකරු
මෙතෙක් කල් ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායක තනතුරක් දැරෑ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ මන්ත්‍රී අසංක නවරත්න මහතා එම තනතුරින් ඉවත් කොට ඒ සඳහා පොදුජන පෙරමුණු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පත් කරනු ලැබීය. මෙම පත්වීම ගිය බ්‍රහස්පතින්දා අග්‍රාමාත්‍යවරයා විසින් සිදු කරන ලදී. දැනට ආණ්ඩු පක්ෂයේ සහකාර සංවිධායකවරැන් තිදෙනෙක් සිටිති. ඒ අය වන්නේ ජගත් පුෂ්පකුමාර, මොහොමඩ් මුසම්මිල් හා ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ය.