සීනිවලින් 40%ක් රසකැවිලිවලට
I සංජීවිකා සමරතුංග
මෙරටට ආනයනය කරන සීනිවලින් 40%ක්ම රසකැවිලි නිෂ්පාදකයන් විසින් භාවිත කරනු ලබන බව මුදල් අමාත්‍යාංශය පවසයි. ජනතාවගේ ඍජු පාරිභෝජනයට ලැබෙන්නේ ආනයනය කරන සීනිවලින් 60%ක් පමණි.
මැති ඇමැති 27කට කොවිඩ්
ගතවූ කාලයේ පාර්ලිමේන්තුවේ මැති ඇමැතිවරැන් 27 දෙනකුට පමණ කොවිඩ් රෝගය ආසාදනය වී තිබේ. ඉන් ඇතැමුන් තවමත් ප්‍රතිකාර ලබන අතර සෙසු පිරිස සුවය ලබා ඇත. මේ අය සියලු දෙනාම කොවිඩ් මර්දන එන්නත් ලබාගත් මැති ඇමැතිවරැන් වීම විශේෂයකි.
එන්නත් මාත්‍රා ලක්ෂ 80ක් මේ මස ශ්‍රී ලංකාවට
චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නතේ තවත් මාත්‍රා ලක්ෂ 80ක් මෙම මස තුළ ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත බව ජනාධිපති කාර්යාලය පවසයි. ඒ සමඟ මෙරටට ආනයනය කළ එන්නත් ප්‍රමාණය සම්පූර්ණ වනු ඇති බවද සඳහන්ය. එන්නත් ලබාදීම සඳහා තෝරාගත් පිරිස වෙනුවෙන් එන්නත් මාත්‍රා ලක්ෂ 330ක් (මිලියන 33) අවශ්‍ය වෙයි. එහෙත් රජය දැනට එන්නත් මාත්‍රා ලක්ෂ 350ක් (මිලියන 35)ක් ඇණවුම් කර ඇත.