I ගයාන් ගාල්ලගේ
දෙවැනි වරටත් කොවිඩ් රෝගය ආසාදනය වූ රෝගීන් ඉඳහිට හමුවන සෞඛ්‍ය අංශ පවසයි. මෙය විශේෂ තත්ත්වයක් බවද සඳහන් වෙයි. මෙයින් බහුතර රෝගීන් හමුවන්නේ බස්නාහිර පළාතෙනි.
එහෙත් ඒ අයගෙන් වැඩි පිරිසක් එන්නත් ලබාගෙන ඇති නිසාත් ඔවුන්ගේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක ඇති නිසාත් තත්ත්වය බරපතළ නොවන බව සඳහන් කරන සෞඛ්‍ය අංශ විශේෂයෙන් පළමු වතාවට රෝගය වැළඳුණු අයට නැවත වතාවක් රෝගය වැළඳෙන්නේ නැති බවට වැරදි මතයක් ගොඩනැගී ඇතැයිද සඳහන් කළේය.