2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා

සීනි බද්ද අඩු කිරීම මහා දූෂණයක්! - සජබ මහ ලේකම්

 2021 සැප්තැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 22

I දේශපාලන වාර්තාකරු

පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී මෙරට ක්‍රියාත්මක වූ කිලෝවට රු. 50/-ක් වූ සීනි ආනයන බද්ද ශත 25ට අඩු කිරීම නිසා රජයට සිදුවූ ශුද්ධ පාඩුව රුපියල් බිලියන 35ක් බව සමගි ජන බලවේගයේ මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට කීය.

එම බදු සහනයෙන් පසු මෙරටට සීනි මෙට්‍රික් ටොන් 7,00,000 (ලක්ෂ හතක්) පමණ මේ දක්වා ආනයනය කර ඇත. එම තොගයේ රු. 50/- බද්ද අයකර ගත්තේ නම් එයින් රජය ලබන ආදායම රුපියල් බිලියන 35ක් බවද ඒ මහතා කීය.

මෙය පැහැදිලිවම වංචාවකට පාර කැපීමක් බව සඳහන් කළ මහලේකම්වරයා බදු සහනයේ වාසිය පාරිභෝගිකයාට නොදී කූඨ ව්‍යාපාරිකයන්ට අත්පත් කර ගැනීමට ඉඩ දුන් ආණ්ඩුව තනිකරම මෙම දූෂිත ක්‍රියාවේ වගකීම බාරගත යුතු යැයි සඳහන් කළේය.