I සංජීවිකා සමරතුංග
කොවිඩ් වසංගතයේ සීඝ්‍ර ව්‍යාප්තියත් සමඟ මේ දක්වා ගර්භණී මාතාවන් 41 දෙනෙක් මරණයට පත්වී සිටිති. එසේම ගැබිණි මවුවරුන් 5500කට පමණ රෝගය ආසාදනය වූ බවද වාර්තා විය. මෙය අතිශය බරපතළ තත්ත්වයකි.
මෙම පසුබිමේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා දරු උපත් වසරකින් පමණ කල් දමන ලෙස සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී ඉල්ලීමක් කළේය.
පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වා මහත්මිය අවධාරණය කර තිබුණේද මෙම තත්ත්වය හටගෙන ඇත්තේ ගැබිණි මවුවරුන්ගෙන් 70%කට පමණ කොවිඩ් මර්දන එන්නතද ලබා දී තිබියදී බවය.
විශේෂඥ වෛද්‍ය හර්ෂ අතපත්තු මහතා දරු උපත් පමා කිරීමේ යෝජනාව ඉදිරිපත් කර තිබුණේ මේ වන තෙක් ගර්භණී මව්වරුන්ට කොවිඩ් එන්නත්කරණය සුදුසුද නැද්ද යන්න ගැන මෙන්ම එයින් මවට හා දරුවාට සංකූලතා මෙන්ම විකෘතිතා ඇතිවේද යන්න පිළිබඳ විද්‍යාත්මක අධ්‍යයනයක් මෙතෙක් සිදු කර නොමැති බැවිනි.
දැනට සිදුවන අධ්‍යයන සම්පූර්ණ වී නිශ්චිත ප්‍රතිඵල ලබාගැනීමට වසරක් පමණ ගතවිය හැකි බැවින් දරු උපත් පමාව මගින් කොවිඩ් ආසාදනය වුවත් මව්වරුන්ට අවදානමෙන් මිදී වඩාත් සෞඛ්‍ය සම්පන්න දරුවකු බිහිකිරීමට හැකියාව ලැබෙතැයි සඳහන් වෙයි.