I ගයාන් ගාල්ලගේ
කෝවිඩ් සම්බන්ධව දැනට පවතින ලොකුම අභියෝගය රටේ දෛනිකව සිදුවන කෝවිඩ් මරණ සංඛ්‍යාව අඩුකර ගැනීම නිසා වහාම ළඟම ඇති ස්ථානයකට ගොස් එන්නත්කරණය සිදුකරගන්නා ලෙසට ජනතාවෙන් ඉල්ලා සිටින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා දේශයට පැවසීය.
ලබාදෙන එන්නත කුමක් වුවත් එය ලබා ගැනීමෙන් මරණයෙන් ගැලවිය හැකි නිසා එන්නත කුමක්ද යන්න පරීක්ෂා නොකර ලබාගන්නා ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
දෛනිකව වාර්තා වන රෝගීන් අඩු වැඩි විය හැකි බවත් රෝගීන් ප්‍රමාණය අඩුකර ගැනීම සඳහා සංචරණය සීමා කරන ලෙසත් මරණයෙන් ගැලවීමට එන්නත්කරණය අවශ්‍යම බවත් ඔහු පැවසීය. විශේෂයෙන් දැනට පවතින නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන්නේ 50%කින් පමණ නිසා ඊට අදාළව ඉදිරියේ ප්‍රතිඵල ලැබෙන බවත් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.