I දේශපාලන වාර්තාකරු
ගොවි ජනතාවට අවශ්‍ය පොහොර නිසි පරිදි නොලැබීම නිසා දිවයින පුරා සෑහෙන ගොවීන් පිරිසක් ගොවිතැනින් ඉවත් වෙමින් සිටින බව සමගි ජන බලවේගය මහලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා දේශයට පැවසීය.
මෙම තත්ත්වය තමන් සියැසින් දුටුවේ ඌව වෙල්ලස්ස ප්‍රදේශයේ ගොවිබිම්වලදී බව පැවසූ හෙතෙම වී සහ බඩඉරිඟු වගාකරන ගොවීන් පොහොර හිඟයෙන් දැඩි ලෙස අසරණව සිටින්නේ යැයිද කීය.
රජය රසායනික පොහොර වෙනුවට රුපියල් 12,000ක සහනාධාරයක් ලබාදෙන බව ගොවි ජනතාවට පොරොන්දු වුවද එම 12,000ක මුදල ලබා දෙන්නේ ගොවීන් විසින්ම කාබනික පොහොර නිපදවා ගැනීමේ පදනමිනි. එහෙත් කාබනික පොහොර නිපදවීමේ තාක්ෂණ ක්‍රමවේද නොදන්නා ගොවීන් මෙම ක්‍රමයෙන් බලවත් අසරණභාවයට පත්ව ඇතැයිද මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේය. මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් රටේ අත්‍යවශ්‍ය ආහාර හිඟයක් ඇතිවීම වැළැක්විය නොහැකි බවද ඒ මහතා කීය.