2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා

මොබයිල් ෆෝන් ගණන් උස්සයි

 2021 සැප්තැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 50

I සංජීවිකා සමරතුංග

බොහෝ ජංගම දුරකථන අලෙවිකරණ සමාගම් ජනප්‍රිය වෙළෙඳ නාම සහිත ජංගම දුරකථන මිල ගණන් විවිධ ප්‍රතිශතවලින් ඉහළ දමා තිබේ.

ඉතාම අඩු ධාරිතාවයක් ඇති ඇතැම් ජංගම දුරකථනවල මිල ගණන් රුපියල් 5000ත් 7000ත් අතර ගණනකින් මිල ඉහළ ගොස් ඇත. මධ්‍යම ප්‍රමාණයේ ධාරිතාවයක් ඇති ජනප්‍රිය වෙළෙඳ නාම සහිත ජංගම දුරකථනවල මිල රුපියල් 10,000ත් 15,000ත් අතර ගණනකින් මිල වැඩි වී තිබේ. එසේම සුපිරි වර්ගයේ අයි ෆෝනයක මිල රුපියල් ලක්ෂයකට වැඩි ගණනකින් ඉහළ ගොසිනි.

අදාළ ජංගම දුරකථන සමාගම්වල ගත වූ සති කිහිපයේ සහ වර්තමානයේ මිල ගණන් සැසඳීමෙන් ජංගම දුරකතන මිල ඉහළ යාමේ ප්‍රතිශතය හඳුනාගත හැකිය.