I ගයාන් ගාල්ලගේ
ඉදිරිෙය්දී රට විවෘත කළත් කොවිඩ් අවදානම මැකී ගොස් නොමැති බවත් එම අවදානම එලෙසම ඇති බවත් ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දේශයට පැවසීය.
රට විවෘත කළත් දැන් සංචරණ සීමා සහ නිරෝධායනය නිතී පැනවිය යුතු බවත් විශේෂයෙන් ජනතාව ඒකරාශී වන ස්ථාන වසා දැමිය යුතු බවත් එතුමිය ප්‍රකාශ කළාය.
එයට හේතුව තවම මරණ සංඛ්‍යාවත්, රෝගීන් වාර්තා වීමත් සැලකිය යුතු ලෙස අඩුවී නොමැති නිසා අවදානම පහව ගොස් නැති බවය.