2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා

ඉදිරි මාසයේදී කොවිඩ් එන්නත් මිලියන 10ක්

 2021 සැප්තැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 20

I දේශපාලන වාර්තාකරු

ඉදිරි මාසයක කාලය තුළ මෙරට කොවිඩ් එන්නත් මාත්‍රා ලක්ෂ 100ක් (මිලියන 10ක්) පමණ මෙරටට ලැබීමට නියමිත බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතා දේශයට පැවසීය.

එයින් පළමුව සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 40 මෙම සති අන්තයේදී චීනයෙන් ලැබීමට නියමිතය. ඔක්තෝබර් මස මුලදී රජය ඇණවුම් කළ ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 40ක් ලබාදෙන බවට අදාළ නිෂ්පාදන ආයතන ප්‍රතිඥා දී ඇත. මෙයට අමතරව ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 20ක් ලබන මාසයේදී ශ්‍රී ලංකාවට ලැබෙන බව ලලිත් වීරතුංග මහතා අවධාරණය කළේය.

මෙයින් ෆයිසර් එන්නත අවුරුදු 12ත් 20ත් අතර වයසේ පසුවන පාසල් දරු දැරියන්ට ලබාදීම රජයේ අපේක්ෂාව බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශකවරයා වැඩිදුරටත් කීය.