I සංජීවිකා සමරතුංග
සවස 6න් පසු බන්ධනාගාරවලට කිසිදු අමුත්තකුට ඇතුළු වීමට ඉඩ ලබා නොදීමට යෝජනා වී ඇතැයි බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගියදා හිටපු බන්ධනාගාර රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ වැලිකඩ හා අනුරාධපුරය බන්ධනාගාරවලට රාත්‍රී කාලයේ ඇතුළු වී සිරකරුවන්ට තර්ජනය කිරීමේ සිදුවීම ගැන කරන ලද මූලික පරීක්ෂණයෙන් පසුව මෙම යෝජනාව ඉදිරිපත්ව ඇතැයි ඉහළ පෙළේ රජයේ ආරංචි මාර්ග වැඩිදුරටත් කීය.