මාස 17ක් පාසල් වහලා
I සංජීවිකා සමරතුංග
කොරෝනා වසංගතය නිසා ගතවූ මාස 17 තුළ වැඩි කාලයක් පාසල් වසා දමා තිබූ බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි. 2020 මාර්තුවල සිට වරින් වර වාර 10ක් පමණ රට වසා දමන්නට සිදුවීම නිසා මෙම තත්ත්වය හට ගැනුණි.
ගැබිණි මව්වරු 52ක් මියයති
කොවිඩ් වැළඳීම නිසා මේ වසරේ ගතවූ මාස 9 තුළ ගැබිණි මව්වරුන් 52ක් පමණ මරණයට පත්ව ඇතැයි පවුල් සෞඛ්‍ය කාර්යාංශය පවසයි. සාමාන්‍ය කාලයේදී වසරකටම සිදුවන ගැබිණි මරණ සංඛ්‍යාව 90ක් පමණය.
මාස 9ක් තුළ කොවිඩ්වලින් පමණක් මව්වරුන් 52ක් මියයාම බරපතළ තත්ත්වයක් බව පවුල් සෞඛ්‍ය කාර්යාංශය වැඩිදුරටත් කියයි.
අයවැය ඇස්තමේන්තු ලබන සතියේ කැබිනට්ටුවට
2022 වසර සඳහා වන අයවැය ලේඛනයේ මූලික ඇස්තමේන්තු ඇතුළත් විසර්ජන පනත් කෙටුම්පත ලබන සතියේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතය.
එයට අදාළ කෙටුම්පත් සකස් කිරීම මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සහ මහා භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් මේ වනවිටත් සකස්කර ඇතැයි වාර්තා වේ.