I පොළොන්නරුව කරුණාරත්න ගමගේ
මේ වනවිට වී තොග තිබෙන්නේ ගොවීන් ළඟ නොව ගොවි මුදලාලිලා ළඟ බැවින් රජය වහාම සහල් සඳහා පාලන මිලක් පැනවිය යුතු බව පොළොන්නරුවේ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ පවසති.
එසේ නොකළහොත් මහා පරිමාණ මෝල්කරුවන් හිතුමතේ සහල් මිල තවත් ඉහළ දමනු ඇති බවද ඔවුහු පවසති.
ගොවි මුදලාලිලා සතුව වී තොග තිබෙන විට සහල් මිල ඉහළ යාමෙන් සාමාන්‍ය ගොවියාට වන සෙතක් නැති බැවින් සහල් සඳහා වහා සහතික මිලක් පනවන ලෙස ඔවුහු ඉල්ලා සිටිති.
ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් හා පොළොන්නරු දිස්ත්‍රික්කයේ සහල් නිෂ්පාදකයන්ගේ සමුපකාර සංගමයේ සභාපති රොෂාන් සිල්වා මහතා කීවේ ජනතාවගේ ප්‍රධාන ආහාරය වන බත සම්බන්ධ කාරණාව රජයේ පාලනයෙන් ඉවත් නොකළ යුතු බවය. එනිසා වහා සහල්වලට පාලන මිලක් නියම කළ යුතු යැයි පැවසූ සිල්වා මහතා එසේ නොකළොත් මෙරට සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් 90%ක්ම වැසී යනු ඇති බව අවධාරණයෙන් පැවසීය.