I ගයාන් ගාල්ලගේ
එක්සත් ජනතා නිදහස් සන්ධානය පිහිටුවීම සඳහා දැනට පක්ෂ 12ක් පමණ එකඟත්වය පළ කර ඇති බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා කිරීම වෙනුවෙන් කටයුතු කළ සිවිල් සංවිධාන 49න් 40ක්ද මේ වන විට එකඟත්වය පළ කර ඇතැයිද එම ප්‍රකාශකයා සඳහන් කළේය.
කෙසේ වෙතත් මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානය පමණක් නොව පොදුජන පෙරමුණද බලාත්මක කිරීම සඳහා ශ්‍රීලනිපය තීන්දු කළ බව එම ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.