I ගයාන් ගාල්ලගේ
පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධයෙන් මෙරට සිදු කරන පරීක්ෂණවලට අල්ලස් හෝ දූෂණ කොමිසමේ පරීක්ෂණ පමණක් ප්‍රමාණවත් නොවන බවත් ඒ සඳහා ජාත්‍යන්තර පොලීසිය ඔස්සේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විධිමත් පරීක්ෂණයක් සිදුකළ යුතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි නලීන් බණ්ඩාර මහතා දේශයට පැවසීය.
හිටපු ඇමතිනී නිරූපමා රාජපක්ෂ සහ එම සැමියාගේ දේපල සහ මුදල් වෙනත් රටවල ඇති බවට පැන්ඩෝරා පත්‍රිකා හරහා හෙළිදරව් කර තිබියදී මෙරට අල්ලස් හෝ දූෂණ කොමිසම මගින් ඔවුන් කැඳවා ප්‍රශ්න කර ඔවුන් නිදහස් කිරීමේ උත්සාහයක නිරත වනවාද යන්න සැකයක් පවතින බවත් හෙතෙම සඳහන් කළේය.
කෙසේ වෙතත් ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන්ද පරීක්ෂණයක් ඉල්ලීමට සූදානමින් සිටින බව නලීන් බණ්ඩාර මහතා පැවසීය.