2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

News බකට්

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 55

තවත් පුටු මාරුවක්

I සංජීවිකා සමරතුංග

අමාත්‍යංශ ලේකම්වරුන් කිහිප දෙනකුගේ සහ සංස්ථා මණ්ඩල ප්‍රධානීන් කිහිප දෙනකුගේ තනතුරු ඉතා ඉක්මනින් වෙනස් වීමට ඉඩ ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග කියයි. ළමා රක්ෂක අධිකාරිය, භූ විද්‍යා හා පතල් කාර්යාංශය ඇතුළු ආයතන ගණනාවක්ම මේ අතර වෙයි. එසේම විෂය භාර කැබිනට් අමාත්‍යවරැන් සමඟ සහයෝගයෙන් කටයුතු නොකරන අමාත්‍යාංශ ලේකම්වරුන් ගණනාවකගේද තනතුරැ මාරැවක් සිදුවන බව වාර්තා වෙයි.

දෙමළ සන්ධානය අගමැති මෝදිට අත වනයි

පළාත් සභා මැතිවරණය ප්‍රමාදවීම, දහතුන් වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම ආදී කරැණු ගැන සාකච්ඡා කිරීමට දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගෙන් කළ ඉල්ලීමට ඉදිරි දෙසතිය තුළ එරටින් ප්‍රතිචාරයක් ලැබෙනු ඇතැයි තානාපති අංශ ආරංචි මාර්ග කියයි. අගමැති මෝදිගෙන් ඒ සඳහා දිනයක් ලැබුණු විට දෙමළ සන්ධාන නායක ආර්. සම්පන්දන් සහ මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වීමට නියමිතය.

කාබනික පොහොර නිෂ්පාදනය දේශීය ව්‍යාපාරිකයන්ට

වී ගොවිතැනට සහ සෙසු වගාවන්ට අවශ්‍ය කාබනික පොහොර මහා පරිමාණ මට්ටමින් නිෂ්පාදනය කොට අලෙවි කිරීම සඳහා ප්‍රධාන පෙළේ දේශීය ව්‍යාපාරිකයන්ට ඇරයුම් කිරීමට රජය තීන්දු කර ඇත. ආනයනික කාබනික පොහොරවල ප්‍රමිතිය සම්බන්ධයෙන් තාක්ෂණික අර්බුද මතුවීමත් ඒවා නිරාකරණයට රාජ්‍ය බලධරයන් දක්වන මන්දෝත්සාහී බවත් නිසා රජය මෙම තීන්දුව ගත් බව වාර්තා වෙයි.