I සුගත් පී. කුලතුංගආරච්චි
ලෝකයේ ආන්දෝලනයක් ඇතිකළ කොවිඩ් ඖෂධය ලංකාවට ගෙන්වීමට පෙර අදාළ අංශවලින් මේ වන විට පුළුල් විමර්ශනක් සිදුකෙරෙමින් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය හේමන්ත හේරත් කියයි.
කොවිඩ් ඖෂධයක් ලෙස නොව පොදුවේ භාවිතයට පැමිණි නව ඖෂධයක් ලෙස එය ලංකාවට ගෙන්වීමට පෙර ඒ සඳහා ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතිය පළමුව ලැබිය යුතු බව ඔහු පෙන්වා දෙයි.
එසේම කොවිඩ් රෝගය පාලනය කිරීම සඳහා එය කෙතරම් ඵලදායීව ක්‍රියාත්මක වනවාද සහ එය ලංකාවේ භාවිතයට සුදුසුද යන්න ගැනද තවදුරටත් පුළුල්ව දත්ත විමර්ශනය කර බැලිය යුතු බවද ඔහු කියයි.