2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා

පොහොර අර්බුදය: සජිත්-රංජිත් ජනපති හමුවෙති!

 2021 ඔක්තෝබර් 16 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 77

දේශපාලන වාර්තාකරු l

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස සහ සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර යන මහත්වරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ විශේෂ හමුවක් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිතය.

රටේ දැවෙන ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන රසායනික පොහොර අර්බුදය සහ පුණර්ජනනීය බලශක්ති නිෂ්පාදනය යන ප්‍රධාන මතෘකා දෙක ගැන සාකච්ඡා කිරීම මෙම හමුවේ අරමුණ බව වාර්තාවේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය සතියේ සජිත් ප්‍රේමදාස සහ රංජිත් මද්දුමබණ්ඩාර මහත්වරුන් සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර පවත්නා ප්‍රශ්න සම්බන්ධව සාකච්ඡාවකට තමන් හමුවන ලෙසට ඇරයුම් කර ඇත. ඔවුන් එම ඇරයුම පිළිගෙන ඇති බවත් ඉදිරි දින කිහිපයේ මෙම හමුව පැවැත්වීමට නියමිත බවත් දැනගන්නට තිබේ.