I දේශපාලන වාර්තාකරු
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් කොළඹ සරසවියේ කුලපති ධුරයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
මේ වනවිට ඒ ගැන උන්වහන්සේට දන්වා කැමැත්ත විමසා ඇතැයි වැඩිදුරටත් වාර්තා වෙයි. මුරුත්තෙට්ටුවේ හිමියන් මෙම තනතුර සඳහා යෝජනා වූයේ වර්ෂ 2001 සිට මේ දක්වා වසර 20ක් කුලපති ධුරය දරන ආචාර්ය ඔස්වල්ඩ් ගෝමිස් විශ්‍රාමික රදගුරුතුමන්ගේ නිල කාලය ළඟදීම හමාරවීමට නියමිත බැවිනි. මුරුත්තෙට්ටුවේ හිමියන් දශක 5කට වැඩි කාලයක් මෙරට ක්ෂේත්‍ර රැසකට ඉටුකරන ලද කාර්යභාරය සලකා මෙම පත්වීම සිදුකරන බව රජයේ ආරංචි මාර්ග කියයි.