I ව්‍යාපාරික වාර්තාකරු
මෙම මාසයේ මුල් දෙසතිය තුළ එක්දින සහ සාමාන්‍ය සේවාවන් යටතේ නව විදේශ ගමන් බලපත්‍ර ලබාගත් සංඛ්‍යාව 33,000ක් (තිස්තුන් දහසක්) පමණ වන බව ආගමන සහ විගමන දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි.
කොළඹ ප්‍රධාන කාර්යාලයෙන් මෙම දිනවල දිනකට 1500ක් 1700ක් අතර පිරිසක් ගමන් බලපත්‍ර ලබාගෙන තිබේ. එලෙස පළමු දෙසතිය තුළ නව ගමන් බලපත්‍ර 23,500ක් පමණ ප්‍රධාන කාර්යාලයෙන් නිකුත් කර ඇත.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල වන මාතර - මහනුවර, වවුනියාව සහ කුරුණෑගල කාර්යාලවලින් මෙම මස මුල් දෙසතිය තුළ නව ගමන් බලපත්‍ර ලබාගත් සංඛ්‍යාව 10,200ක් (දස දහස් දෙසීයක්) පමණ වන බවද එම ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි.
නව විදේශ ගමන් බලපත්‍ර අයදුම් කරන පිරිසගෙන් බහුතරය තරුණ තරුණියන් වන අතර ගමන් බලපත්‍ර සඳහා මෙවන් අධික ඉල්ලුමක් ඇතිවන්නේ ඉතා කලාතුරකින් බවත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.