2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

අල්ලස් කොමිසමෙන් නිරූපමා වෙන දිනයක් ඉල්ලයි

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 73

I අධිකරණ වාර්තාකරු

ආන්දෝලනාත්මක පැන්ඩෝරා පත්‍රිකා මගින් හෙළිදරව් කරන ලද වත්කම් රැස් කිරීම් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අල්ලස් කොමිසම වෙත පසුගිය සඳුදා කැඳවන ලද හිටපු ඇමැතිනී නිරෑපමා රාජපක්ෂ මහත්මිය සෞඛ්‍යමය හේතු මත එදින කොමිසමට නොපැමිණෙන බව දන්වා තිබිණි.

තමන් අසනීප තත්ත්වයකට ප්‍රතිකාර ලබන බැවින් වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඇය කොමිසමෙන් ඉල්ලීමක් කර ඇතැයිද වාර්තා විය.

එහෙක් කොමිසම ඉතා ඉක්මණින් නිරූපමා රාජපක්ෂ මහත්මියට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස නැවත මේ සතියේ සිතාසි යවන බව එහි ප්‍රකාශකයෙක් පැවසීය. ඇයගේ සැමියා වන තිරුකුමාර් නඩේසන් මහතා පසුගියදා කොමිසම හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දුන්නේය.