I දේශපාලන වාර්තාකරු
කොළඹ වරාය නගරයේ නව ආයෝජන අවස්ථා 72ක් වෙනුවෙන් ආයෝජකයන් කැඳවීමට අපේක්ෂා කරන බව වරාය නගර කොමිසමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය.
මෙම ආයෝජන අවස්ථාව 72න් 6ක් සඳහා දැනටමත් ආයෝජකයන් ඉදිරිපත්ව තිබේ. ඉතිරි ආයෝජන අවස්ථාත් සුදුසු ආයෝජකයන්ට කඩිනමින් පැවරීම වරාය නගර කොමිසමේ අපේක්ෂාව බව අදාළ ප්‍රකාශකයා සඳහන් කළේය.
මෙකී ආයෝජන අවස්ථා 72 වෙනුවෙන් මුදල් අයකිරීම සිදුවන්නේ එම ආයෝජනයේ ස්වභාවය යන ඔවුන් ලබාගන්නා ඉඩකඩ පරිශ්‍රයෙහි ප්‍රමාණය අනුවය. ආයෝජනය කොමිසම විසින් පිළිගත් විට ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සමාගම් රෙජිස්ට්‍රාර් කාර්යාලයේ එම ආයෝජන ව්‍යාපාරය ලියාපදිංචි කිරීමෙන් පසු එහි කටයුතු ඇරඹීමට අවස්ථාව සැලසෙයි.