2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා

News බකට්

 2021 ඔක්තෝබර් 30 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 41

ළමාරක්ෂක අධිකාරියට සභාපතිනියක්
I සංජීවිකා සමරතුංග

ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති ධුරයට ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක වන අනුෂා ගෝකුල ප්‍රනාන්දු මහත්මිය පත්කෙරෙනු ඇතැයි වාර්තා වෙයි. එහි සභාපති ධුරය දැරූ ආචාර්ය මුදිත විදානපතිරණ මහතා ඉල්ලා අස්වීම නිසා මෙම තනතුර පුරප්පාඩු විය.

නේවාසික වීසා කාලය දිගුවේ

වීසා බලපත්‍ර ලබා මෙරට රැඳී සිටින විදේශිකයන්ගේ වීසා කාලය දිගු කිරීමට අදාළ රෙගුලාසි රජය විසින් සකස්කර තිබේ. ඒ අනුව වසර දෙකක කාලයකට වීසා ලබා ඇති පිරිසගේ වීසා කාලය වසර 5ක් දක්වාත් වසර 5කට වීසා ලබාගත් අයගේ වීසා කාලය වසර 10ක් දක්වාත් දිගු කිරීමට නියමිතය.

මහපොළ ශිෂ්‍යත්ව දහසකින් ඉහළට

වාර්ෂිකව මහපොළ ශිෂ්‍යත්ව පිරිනමන සරසවි සිසුන් ගණන පහළොස් දහසේ සිට දහසය දහස දක්වා ඉහළ දැමෙනු ඇතැයි උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.

එම ශිෂ්‍යත්වලාභී සිසු සිසුවියකුට මසකට රුපියල් 5000 බැගින් ශිෂ්‍යත්ව ආධාර පිරිනැමේ. මේ වසරේ සිට ශිෂ්‍යත්වලාභීන් ගණන ඉහළ දැමෙන්නේ සරසවිවලට සිසුන් බඳවා ගන්නා ප්‍රමාණයද ඉහළ දැමීම හේතුවෙනි.