නැවතත් ගෑස් මිල ඉහළ යයි?
ලිට්‍රෝ සහ ලාෆ්ස් ගෑස් මිල ගණන් නැවත වරක් ඉහළ දමන ලෙස එම සමාගම් පාරිභෝගික ආරක්ෂක අධිකාරියෙන් ඉල්ලීමක් කර තිබේ. ජාත්‍යන්තර වෙළෙඳපොළේ අඛණ්ඩව ගෑස් මිල ගණන් ඉහළ යාමට සාපේක්ෂව දේශීය වෙළෙඳපොළේද ගෑස් මිල සංශෝධනය විය යුතු බව එම සමාගම් දැනුම් දී ඇතැයි වාර්තා වෙයි.
ස.තො.ස. ශාඛා ගණන වැඩිවෙයි
දැනට දිවයින පුරා ඇති ස.තො.ස. අලෙවිසල් 410 තවත් මාස දෙකක් තුළ 500ක් දක්වා වැඩිකෙරෙනු ඇතැයි වෙළෙඳ අමාත්‍යංශය කියයි. විශේෂයෙන් බස්නාහිර පළාතේ ස.තො.ස. ශාඛා නොමැති ස්ථාන රැසක නව ශාඛා ආරම්භ කෙරෙන අතර ප්‍රාදේශීය වශයෙන්ද ශාඛා ගණනාවක් විවෘත කිරීමට නියමිතය.
පොලී අනුපාත නගී
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතය ඉහළ දැමීම නිසා වාණිජ බැංකු සහ පිළිගත් මූල්‍ය සමාගම්වල ස්ථාවර තැන්පත් සඳහා ගෙවන පොලී අනුපාතය 2%කින් පමණ ඉහළ යනු ඇතැයි වාර්තා වෙයි. දැනටමත් ඇතැම් පෞද්ගලික මූල්‍ය සමාගම් නව පොලී අනුපාත නිවේදනය කර තිබේ. ඒ අනුව ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ගෙවනු ලබන වාර්ෂික පොලී අනුපාතය 10.35%ද පමණ වන බව කියැවෙයි. වයස අවුරුදු 60ට අඩු තැනැත්තන් උදෙසා නියම කර ඇති පොලී අනුපාතය 9.5%ක් පමණ වන බවද වාර්තා වෙයි.