2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා

ඒ.30 ගැන අඛණ්ඩ පරීක්ෂණ

 2021 නොවැම්බර් 06 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 14

I සුගත් පී. කුලතුංගආරච්චි

දැනට ලෝකය පුරා කතාබහට ලක්වී ඇති ඒ.30 කොවිඩ් වෛරස මාදිලිය හෝ වෙනත් ආගන්තුක මාදිලි රටට ඇතුළු වී තිබේද යන්න ගැන අඛණ්ඩ පරීක්ෂණ සිදුකෙරෙන බවත් මෙතෙක් එබඳු ආගන්තුක ප්‍රභේදයක් වාර්තා වී නැති බවත් වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සමිත ගිනිගේ දේශයට පැවසීය.

(මේ වන විට රට පුරා පෞද්ගලික අංශයේ සහායද ලබාගනිමින් වෛරසයේ විවිධ නව මාදිලි හඳුනාගැනීමේ පරීක්ෂාවන් මෙන්ම, පී.සී.ආර්. පරීක්ෂාවන්ද ඉහළ මට්ටමකින් සිදුකෙරෙන බව ඔහු කියයි.

දැනට කොවිඩ් වෛරස විවිධ මාදිලි ගණනාවක් ගැන ලොව පුරා නිරීක්ෂණ වැඩි වී ඇති අතර එයින්ද ඒ.30 නමැති මාදිලිය එන්නත් සඳහාද ප්‍රතිචාර නොදක්වන භයානක මාදිලියක් ලෙස අවධානය දිනා ඇත. මේ වනවිට රටපුරා කොවිඩ් පොකුරු අලුතෙන් වාර්තා වීමත්, රෝගීන් සහ ආසාදිතයන් වැඩිවීමත් සමඟ භයානක ඒ.30 මාදිලිය රටට ඇතුළු වී තිබේද යන සැකය මතුවී තිබුණි.