දේශපාලන වාර්තාකරු l
දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත පිරිසක් තමන්ගේ උතුරු නැගෙනහිර ජනතාවට බලපාන දේශපාලන ප්‍රශ්න වත්මන් පාලනය යටතේ නොවිසඳෙන බවට අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට පැමිණිලි කිරීම සඳහා ලබන සතියේ අමෙරිකාව බලා පිටත්ව යන බව වාර්තා වේ.
මෙම නියෝජිත පිරිසේ නායකත්වය දරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන්ය. මීට අමතරව ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥවරයකු වන කේ. කනගීෂ්වරන් සහ ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වන නිර්මලා චන්ද්‍රහසන් යන අය මෙම නියෝජිත පිරිසට ඇතුළත් වන බව වාර්තා වේ. ඔවුන් අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ඉහළ මට්ටමේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් මුණගැසී උතුරු නැගෙනහිර දෙමළ ප්‍රජාවට බලපාන නොවිසඳුණු දේශපාලන ප්‍රශ්න සම්බන්ධයෙන් කරුණු දැක්වීමට නියමිතව ඇතැයි රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි.