I ගයාන් ගාල්ලගේ
ආණ්ඩුෙව් ඇතැම් වැරදි ප්‍රතිපත්ති හේතුවෙන් විවිධ අංශයන්හි හටගෙන තිබෙන අවුල් සහගත සිදුවීම් අධ්‍යනය කොට ඒවාට විසඳුම් සහිත ප්‍රතිපත්ති සැකසීම පිණිස එක් මන්ත්‍රීවරයකු බැගින් අදාළ විෂය ක්ෂේත්‍රයන් සඳහා පත්කිරීමට සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා තීරණය කර ඇතැයි එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.
වර්තමානයේ අර්බුද බවට පත්ව ඇති ගොවි ගැටලුව, ගුරු ගැටලුව, යුගදනවි බලාගාර ගැටලුව, හාල් ගැටලුව ඇතුළු ගැටලු කීපයක් අධ්‍යයනයට මෙම මන්ත්‍රීවරුන් පත්කිරීම සිදුකිරීමට නියමිතව ඇතැයිද ඔහු සඳහන් කළේය.
අදාළ විෂය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් සමඟ සාකච්ඡා කොට ඒවාට විසඳුම් සෙවීමත්, විපක්ෂය බලයට පැමිණි පසුව ඊට අදාළව ක්‍රියාත්මක කරන ප්‍රතිපත්තිය සැකසීමත් එම මන්ත්‍රීවරුන්ගේ වගකීම වෙයි. විශේෂයෙන් ජනතා උද්ඝෝෂණ ඇත්නම් ඒ සඳහා සහයෝගය ලබාදීමද එම මන්ත්‍රීවරයාගේ වගකීමෙහි කොටසක් ලෙස දැනුම් දී ඇතැයි එම මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළේය.