ශ්‍රීලනිපය අලියාගේ නැට්ටේ එල්ලුණා - සාගර
I ගයාන් ගාල්ලගේ
ශ්‍රීලනිපය අලියාගේ නැට්ටේ එල්ලී ගොස් ගත් වැරදි තීන්දු නිසා අද එවැනි තත්ත්වයකට ඇද වැටී ඇති බවත් ඒ අහිමි වූ පාක්ෂියකයන් නැවත තමන් වෙත අද්දවා ගැනීමට පොහොට්ටුවට බැණ වැදීමෙන් පලක් නැති බවත් ශ්‍රී ලංකා පොදුජන පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා දේශයට පැවසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සැබවින්ම පොහොට්ටුව සමඟ ගැටුමක් නැති බවත් ගැටලුව ඇත්තේ ඔවුන්ගේ පක්ෂයේ නිසා මෙවැනි හැසිරීම් පෙන්වන බවත් හෙතෙම සඳහන් කළේය.
විශේෂයෙන් ආණ්ඩු කිරීමට 2/3 අවශ්‍ය නොවන බවත් 2/3 අවශ්‍ය වන්නේ රටට හිතකර අණ පනත් සම්මතයට පමණක් බවද සඳහන් කළ ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ පොහොට්ටුවෙන් ශ්‍රීලනිපයට කිසිදු වරදක් නොවන බවය.
මේක කිහිප දෙනකුගේ ප්‍රශ්නයක් - දයාසිරි
I ගයාන් ගාල්ලගේ
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් පොහොට්ටුවත් අතර කිසිදු ප්‍රශ්නයක් නැති බවත් ප්‍රශ්නය ඇත්තේ පොහොට්ටු පක්ෂයේ පුද්ගලයන් කිහිප දෙනකුට පමණක් බවත් ශ්‍රීලනිප මහ ලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා දේශයට පැවසීය.
ඇතැම් පිරිස් තමන්ගේ නායකයන්ට නිකරුණේ ප්‍රහාර එල්ල කරන බවත් ඒවා දැක නිශ්ශබ්දව සිටිය නොහැකි නිසා ඊට ප්‍රතිචාර දක්වන්නට තම පක්ෂයේ සාමාජිකයන්ටද අවසරයක් ඇති බව ඒ මහතා කීය.
කෙසේ වෙතත් මෙම ප්‍රශ්න විශාල ප්‍රශ්න නොවන බවත් ඉක්මනින් ඒවා විසඳගන්නා බවත් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේය.