I දේශපාලන වාර්තාකරු
වත්මන් රජය විසින් රටේ දැවෙන ප්‍රශ්න නොවිසඳීම සම්බන්ධයෙන් එකම දිනක දිස්ත්‍රික්ක 25ම උද්ඝෝෂණ 25ක් පැවැත්වීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.
මේ ගැන දේශයට අදහස් දැක්වූ සමගි ජන බලවේගයේ ප්‍රධාන ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර මහතා සඳහන් කළේ මේ වනවිට ජනතාවට දරාගත නොහැකි මට්ටමට ජීවන වියදම අහස උසට නැග ඇති බවයි. රටේ බහුතර ගොවි ජනතාවට බලපාන පොහොර ප්‍රශ්නය ආණ්ඩුවට අර්බුදයක් බවට පත්කළ අතර එය තවමත් විසඳි නැත. ඒ අස්සේ ගෑස් ලිප් පුපුරා යෑම වැනි ජනතාවගේ ජීවිත ආරක්ෂාවට බලපාන ප්‍රශ්නද නොවිසඳී පවතී. රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේම සේවකයන් වැඩි වැටුප් ඉල්ලා හඬ නගති.
මෙම සංකීර්ණ අර්බුද සියල්ලටම ආණ්ඩුව කිසිදු විධිමත් විසඳුමක් ලබාදී නැත. එම නිසා රටේ ප්‍රධාන විපක්ෂය ලෙස මෙම අර්බුද ගැන ආණ්ඩුවේ ඇස් අරවා ජනතාවට සහන ලබාදීම පිණිස දීපව්‍යාප්ත මට්ටමින් මෙම උද්ඝෝෂණ සංවිධාන කෙරේ. ලබන වසරේ මුල් භාගයේදී ඒවා පැවැත්වීම තම පක්ෂයේ සැලසුම බවද මහ ලේකම්වරයා සඳහන් කළේය.