2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ගෑස් ලිප් පුපුරණ රහස!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:02 348

I ව්‍යාපාරික වාර්තාකරු

ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිප කරා ගෑස්වල පීඩනය ගලාගෙන යන ගෑස් වේගය අධික වීම ගෑස් නළ සහ ලිප් පුපුරා යාමට ප්‍රධාන හේතුව බව නම් සඳහන් කිරීමට අකමැති වූ ලිට්‍රෝ ගෑස් සමාගමේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට කීය. මෙයට හේතුව ගෑස් නිෂ්පාදනයේදී ප්‍රොපේන් හා බියුටේන් සංයුතිය විද්වත් උපදෙස් නොතකා වෙනස් කිරීම බවද ඔහු සඳහන් කළේය.

කලින් තිබුණේ ගෑස් අඟලකට රාත්තල් 65ක පීඩනයකින් යුක්තව ගෑස් සිලින්ඩරයේ සිට ගෑස් ලිප කරා ගෑස් ගලා යන ක්‍රමවේදයයි. එහෙත් සංයුතිය වෙනස් කිරීමෙන් පසු අඟලකට රාත්තල් 105ක් තරම් අධික පීඩනයකින් ගෑස් සිලින්ඩරයේ සිට ලිප කරා ගෑස් ගලා යන්නට පටන් ගනී. එම අධික පීඩනය ගෑස් බටයට හා ලිපට දරාගත නොහැකි වීම නිසා ගෑස් බට සහ ලිප් පුපුරා යන බව ඔහු අවධාරණය කළේය. එහෙත් කිසිදු අවස්ථාවක ගෑස් සිලින්ඩර පිපිරීමට ලක්වී නොමැති බවද හෙතෙම පැවසීය.