2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

නත්තල අප්‍රේල් කරන්න එපා! පී.එච්.අයි සංගමය කියයි

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:03 181

I ගයාන් ගාල්ලගේ

දෙසැම්බර් මැද සිට ජනවාරි 1දා පසුවන තෙක් ජනතාව එක්රැස් වන සියලුම ස්ථාන සහ උත්සව තහනම් කරන ලෙසට තම සංගමය රජයෙන් ඉල්ලා සිට ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා දේශයට පැවසීය.

කොරෝනා රෝගීන් වාර්තා වීම ක්‍රමයෙන් ඉහළ යන බවත් දෙසැම්බර් මැද වනවිට උත්සව සමය ආරම්භ වන නිසා ජනතාව ඒකරාශීවීම තුළින් රෝගය ශීඝ්‍රයෙන් ඉහළ යාමේ අවදානමක් ඇති නිසා වහාම නිරෝධායන නීති දැඩිව ක්‍රියාත්මක කළ යුතු බව ඔහු සඳහන් කරයි. එසේ නොවුවහොත් අප්‍රේල් උත්සව සමය හා සමාන ප්‍රතිවිපාකයකට මුහුණදීමේ අවදානම් ඇති විය හැකි බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එසේම ජනතාවද මීට වඩා අවධානය යොමුකර ජනතාව ගැවසෙන තැන්වලට නොයන ලෙසද ඒ මහතා ඉල්ලා සිටියේය.