2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා

ඔමික්‍රොන් ලංකාවටත් එයි!

 2021 දෙසැම්බර් 04 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 57

ආරක්ෂක වාර්තාකරු l

මෙරට පළමු ඔමි‍ෙක්‍රාන් වෛරස ආසාදිතයා හඳුනාගත් බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත හේරත් මහතා මාධ්‍යයට පැවසීය. ඔහු දකුණු අප්‍රිකානු රටක සිට පැමිණි පුද්ගලයකු බවද ඔහු සඳහන් කරයි. ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසකින් දැන් ඔ‍ෙක්‍රාන් කොරෝනා වෛරස ආසාදිතයන් හඳුනාගෙන තිබේ.

පෙර අවස්ථා කිහිපයකදී රට වසා දැමීමට සිදුවූයේ නිර්දේශ අනුගමනය නොකිරීම සහ පමාවී ක්‍රියාත්මක්වීම යන හේතුන් නිසාවෙන් බවද වෛද්‍ය සමන්ත ආනන්ද මහතා ප්‍රකාශය කළේය. රට තුළ නැවත වතාවක් ආසාදිතයින් වැඩිවීම හේතුවෙන් ජනතාව සංචරණයේදී ප්‍රවේසම් සහගත වියයුතු යැයිද ඒ මහතා කීයය. සංචරණ සීමා පැනවීම කෙසේ වෙතත් අවදානම තමන් සතු වන නිසා ජනතාව ප්‍රවේසම් වීම අත්‍යවශ්‍ය බව වෛද්‍ය සමන්ත ආනන්ද මහතා අවධාරණය කළේය.