I දේශපාලන වාර්තාකරු
පවත්නා ආර්ථික තත්ත්වය යටතේ ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබාගැනීමට මෙතෙක් තීරණය කර නැතැයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මේ දිනවල ශ්‍රී ලංකාවට පැමිණ සිටින මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසට නිල වශයෙන් දැනුම් දුන්නේය.
මූල්‍ය අරමුදලේ සහය ශ්‍රී ලංකාවට ලබාගැනීමේදී පැනවෙන කොන්දේසි ආදිය ගැන සමාජයේ හා දේශපාලන ක්ෂේත්‍රයේ විවිධ මත පවත්නා බවද අමාත්‍ය රාජපක්ෂ වැඩිදුරටත් සඳහන් කර ඇත. එසේ වුවද මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකා රජයට ලබාදෙන ආර්ථික උපදෙස්වලට ශ්‍රී ලංකා රජය දැඩි අවධානයක් යොදවන බවද මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
මෙහිදී මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිස ප්‍රකාශ කර ඇත්තේ මෙරට පවත්නා දුෂ්කර ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පාලක මණ්ඩලයට විශේෂ වාර්තාවක් මගින් කරැණු දක්වන බවය.