2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා

ලබන වසරේ අලුතින් පවුල් ලක්ෂ දෙකකට පිරිසුදු ජලය

 2021 දෙසැම්බර් 11 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 68

I දේශපාලන වාර්තාකරු

2022 වසරේ මෙරට පවුල් ලක්ෂ 2කට පිරිසිදු පානීය ජලය සැපයීම සඳහා අයවැයෙන් මුදල් වෙන්කර ඇතැයි ජල සම්පාදන අමාත්‍යාංශය පවසයි.

දැනට ශ්‍රී ලංකාවේ සමස්ත ජනගහනයෙන් පිරිසිදු පානීය ජලය සැපයෙන්නේ 56%කට පමණි. එම නිසා (2022 වසරේ සැමට ජලය) නමැති නව ව්‍යාපෘතිය ඔස්සේ නව පානීය ජල සැපයුම ලබාදීම ආණ්ඩුවේ සැලසුමයි. ඒ අනුව 2022 වසරේදී නව ජල සබඳතා තිස්තුන් ලක්ෂ දාහතර දහසක් ලබාදෙන බවද එම අමාත්‍යාංශය සඳහන් කරයි. මේ සඳහා අයවැයෙන් රුපියල් මිලියන 48,000ක් (හතළිස් අට දහසක්) වෙන්කර තිබේ.