2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

පළමු ඔමික්‍රොන් එන්නත ලබන මාර්තුවේ!

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 117

I සුගත් පී. කුලතුංගආරච්චි

ලෝකයේ එන්නත් නිෂ්පාදකයෝ මේ වන විට Omicron ප්‍රභේදයට එරෙහිව එන්නතක් නිපදවමින් සිටිති. තවත්  සති හයකින් පමණ ඔවුන්ගේ මූලික නිෂ්පාදන  පරීක්ෂා කිරීමට සූදානම් වනු ඇතැයි අනාවැකි පළව තිබේ.

කෙසේ වුවද අලුතෙන් නිපදවන Omicron එන්නත් ඒවායේ ආරක්ෂාව සහ කාර්යක්ෂමතාව සඳහා පරීක්ෂා කළ යුතු අතර ඒ සඳහා තවත් මාස කිහිපයක් ගතවනු ඇති බව නිෂ්පාදන සමාගම් පෙන්වා දෙයි. ඒ හේතුවෙන් පළමු සාර්ථක Omicron එන්නතක් වෙළෙඳපොළට පැමිණීම ලබන වසරේ මාර්තු මාසයේ දී පමණ සිදුවනු ඇතැයි සමාගම් ආරංචි මාර්ග කියයි.

මේ වනවිට ලැබී ඇති මුල් රසායනාගාර දත්තවලට අනුව දැනට පවතින ෆයිසර් වැනි  mRNA එන්නත්වල මාත්‍රා තුනක් ලබාගැනීම මගින් omicron වලට එරෙහිව ආරක්ෂාව සැපයෙන බව සනාථ වී තිබේ. එන්නත් මගින් සෑදෙන කොවිඩ් ප්‍රතිදේහ කාලයත් සමඟ ක්‍රමක්‍රමයෙන් අඩු වී යන බැවින් එම ආරක්‍ෂාව කොපමණ කාලයක් පවතින්නේද යන්න තවමත් පැහැදිලි නැත. මේ වසර අවසානයට පෙර දැනට පවතින එන්නත මෙම නව වෛරස ප්‍රභේදයට එරෙහිව ක්‍රියා කරන ආකාරය පිළිබඳ ප්‍රථම සජීවී සඵලතා දත්ත ලබාගැනීමට Pfizer ප්‍රමුඛ එන්නත් නිෂ්පාදන ආයතන බලාපොරොත්තු වේ.