2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

සජබ සංවිධායකයන්ගේ වැඩ-කිඩ කිරා බලයි

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 161

I ගයාන් ගාල්ලගේ

ලබන ජනවාරියේ සිට සමගි ජනබලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ ප්‍රගතිය සම්බන්ධයෙන් සමාලෝචනයක් සිදුකිරීම ආරම්භ කරන බව එම පක්ෂයේ ප්‍රධාන තනතුරක් දරන ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් දේශයට පැවසීය.

දැනටමත් පත්කර ඇති ආසන සංවිධායකවරු 30%ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බවත් ඒ අය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන බවත් හෙතෙම සඳහන් කළේය.

කෙසේ වෙතත් ආසන සංවිධායකවරයකුගේ පත්වීම වසරක කාලයක් නිසා පක්ෂය වෙනුවෙන් බිම් මට්ටමේ කටයුතු නොකළ පිරිසට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් එසේම ඒ සඳහා අලුත් අය පත්කරන බවත් එම ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයා කීය.