2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ශ්‍රීලනිපයේ කෙනිත්තිලි: ඉවසීමේ සීමාව රතුඉර ළඟටම ඇවිල්ලා - පොහොට්ටු මන්ත්‍රීහු කියති

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 172

I ගයාන් ගාල්ලගේ

ආණ්ඩුවේ හිඳිමින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති විවේචනය කරමින් තවදුරටත් ආණ්ඩුවට එරෙහිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කටයුතු කරන්නේ නම් ඊට විරුද්ධව නැගී සිටීමට තම කණ්ඩායම බලමුළු ගන්වන බව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු විසින් ආණ්ඩුවේ ප්‍රධානීන්ට දන්වා ඇතැයි එම කණ්ඩායමේ පිරිසක් දේශයට පැවසීය.

ඒ නිසා වහාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආණ්ඩුව විවේචනය කිරීම නායකත්ව මට්ටමින් දැනුවත් කරන ලෙසද ඔවුන් ඉල්ලා ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලිපියක් එම මන්ත්‍රීවරුන්ගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයාට ලබාදීමටද තීරණය කර ඇත.

මේ අතර පසුගිය දිනෙක ශ්‍රීලනිප ගැටලුව සම්බන්ධයෙන් පසුපෙළ මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ සහ පක්ෂයේ ප්‍රබලයකු සමඟ සාකච්ඡා කර ඇති අතර පසුපෙළ මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ශ්‍රීලනිපයේ විවේචනවලට ප්‍රතිප්‍රහාර එල්ල කීරිමට තම කණ්ඩායම සූදානම් බවය. එහෙත් එහිදී එම ප්‍රබලයා දන්වා ඇත්තේ එලෙස සිදුනොකරන ලෙසත් ඊට වඩා රටේ ප්‍රශ්න වැදගත් බවත්ය. එම සාකච්ඡාව නිමවී එළියට පැමිණි පසුපෙළ මන්ත්‍රීවරු පිරිසක් අවසානයේ තීරණය කර ඇත්තේ මෙම මාසය තුළ පමණක් ශ්‍රීලනිප විවේචන ඉවසන බවය.