2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

ත්‍රිමලේ තෙල් ටැංකි: ඉන්දියාව සහතිකයක් ඉල්ලයි

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 242

I රාජ්‍ය තාන්ත්‍රික වාර්තාකරු

ලබන ජනවාරියේ ඉන්දීය රජය ශ්‍රී ලංකාවට ලබාදීමට යෝජිත මූල්‍ය ආධාර පැකේජය නිවේදනය කිරීමට පෙර ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සම්බන්ධයෙන් යෝජිත ඒකාබද්ධ වැඩපිළිවෙළට අදාළව ශ්‍රී ලංකාව නිල නිවේදනයක් නිකුත් කළ යුතුව ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග කියයි.

මෙම තෙල් ටැංකිවල ඉන්දීය තෙල් ගබඩා කොට ඉන් ශ්‍රී ලංකාවේ අවශ්‍යතා මත තෙල් සැපයුමටද යෝජනාවක් ඉදිරිපත්ව ඇත. මෙම ක්‍රමය අනුගමනය කළහොත් දැනට වඩා අඩු මිලට මෙරටට ඉන්ධන ලබාගත හැකි වෙතැයි සඳහන් වෙයි.

කෙසේ වෙතත් ඉන්දීය රජය සහ ශ්‍රී ලංකා මුදල් අමාත්‍යංශය එකඟ වී ඇත්තේ ලබන ජනවාරියේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1900ක පමණ පැකේජයක් සම්බන්ධයෙනි. එය සමන්විත වන්නේ ඩොලර් මිලියන 1000ක් ආහාර සහ ඖෂධ ලබාගැනීමටත් ඉන්ධන මිලදී ගැනිමට ඩොලර් මිලියන 500ක් සහ විදේශ සංචිත කර ගැනීමට ඩොලර් මිලියන 400ක් වශයෙනි.