2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා

පුංචි ඡන්දය කල්දැමීම ජනතා අයිතිය උදුරා ගැනීමක් - පැෆරල්

 2021 දෙසැම්බර් 18 වන සෙනසුරාදා, පෙ.ව. 10:00 76

I ගයාන් ගාල්ලගේ

පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණය වසරකින් කල්දැමීම ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංඝණය කිරීමක් බවත් ඊට තමන් විරුද්ධ බවත් පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා දේශයට පැවසීය.

රටේ ඇතිව තිබෙන ආර්ථික සහ සෞඛ්‍ය අර්බුදය නිසා ජනතාවගේ මැතිවරණ උද්‍යෝගය පහළ වැටී ඇති බවත් ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමක් ලෙස මෙය සලකන බවත් ඒ මහතා කීය.

කෙසේ වෙතත් මේ අවස්ථාවේ මැතිවරණයක් අවශ්‍යද යන්න පිළිබඳ ජනතාවට ප්‍රශ්නයක් ඇතිවී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.