පාරිභෝගික ලොක්කා ඉවතට
I සංජීවිකා සමරතුංග
පාරිභෝගික සේවා අධිකාරියේ සභාපති මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක මහතා කඩිනමින් එම තනතුරින් ඉවත් කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ. පසුගිය කාලයේ එම ආයතනයේ කාර්යසාධනය සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් පසුව රජය මෙම තීරණ ගෙන ඇත.
මසකට ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක්
මෙරට පරිභෝජනය සඳහා මසකට ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක් පමණ අවශ්‍ය වේ. ඒවා ආනයනය සඳහා මසකට ඩොලර් මිලියන 200ක පමණ මුදලක් රජය වැය කළ යුතුය. දැනට මෙරට ගෑස් ආනයනය කරන්නේ ඕමාන රාජ්‍යයෙනි.
ඛනිජ තෙල් ගබඩා සමාගමේ මහ පුටුව නාලක පෙරේරාට
ශ්‍රී ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගමේ සභාපති මොහොමඩ් උවයිස් මහතා ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වී සභාපති ධූරය සඳහා ව්‍යාපාර ප්‍රවීණයකු වන නාලක පෙරේරා මහතා පත්කර ඇත.