I ආරක්ෂක වාර්තාකරු
මෙම වසරේ ජනවාරි මස 01දා සිට දෙසැම්බර් මස 17 දින දක්වා වූ කාලය තුළ ශ්‍රී ලංකා පොලීසිය විසින් නීතිවිරෝධී මත්පැන් වැටලීම් එක්ලක්ෂ තිස්අට දහස් නවසිය දහතුනක් (1,38,913) සිදුකර ඇත. මෙහිදී සැකකරැවන් එක්ලක්ෂ තිස්තුන් දහස් පන්සිය විසිහත් දෙනෙක් (1,33,527) අත්අඩංගුවට පත්වූහ.
මෙම වැටලීම්වලදී නීතිවිරෝධී මත්පැන් ලීටර් දොළොස් ලක්ෂ විසිතුන් දහස් හත්සිය තිස්තුනක් ද (12,23,733) ගෝඩා ලීටර් එක්කෝටි තිස්තුන් ලක්ෂ තිස්නව දහස් එකසිය හයක් ද (1,33,39,106) පොලිස් භාරයට ගැනිණි.
මෙතරම් විශාල නීතිවිරෝධී මත්පැන් තොගයක් පොලීසිය අත්අඩංගුවට ගත් ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම වැටලීම්වලින් වැඩිම වැටලීම් සංඛ්‍යාව වාර්තා වන්නේ වයඹ පළාතෙනි. එහි සිදුකළ වැටලීම් ගණන 38,656කි. බස්නාහිර පළාතේ වැටලීම් 32,219ක් සිදුකර තිබේ.
දිවයිනේ අඩුම මත්පැන් වැටලීම් වාර්තා වන්නේ නැගෙනහිර පළාතෙනි. එම සංඛ්‍යාව 3480කි. මෙම නීතිවිරෝධී මත්පැන් ජාවාරම නිසා රජයට වසරකට රුපියල් කෝටි ගණනක බදු ආදායමක් අහිමි වෙයි. මේ වනවිට පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාගේ විශේෂ උපදෙස් පිට මත්පැන් වැටලීම් වේගවත් කර ඇත. පොලීසිය පවසන ආකාරයට හොර මත්පැන් ගෝඩා බැරලයක් (ලීටර් 165ක්) සඳහා සීනි සහ යීස්ට් වෙනුවෙන් පමණක් මුදල් වැය කරන අතර එම ද්‍රව්‍ය සඳහා එක් ගෝඩා බැරලයකට වියදම් වන්නේ රැපියල් 8600ක පමණ මුදලකි.